News

සබරගමුව සරසවියේ සේවිකාවකට කොවිඩ්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවවාර්තා වී තිබේ.

ඇය විශ්වවිද්‍යාලයේ රසායනික තාක්ෂණ අංශයේ සේවිකාවක් වන අතර ඇය සමග සේවය කළ තවත් සේවකයන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාලය තුළ ඇයගේ සමීප ආශ්‍රිතයන් විශාල වශයෙන් නොමැති අතර විශ්වවිද්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට මෙම හේතුවෙන් අවදානම් තත්ත්වයක් උද්ගත වී නොමැති බවත් විශ්වවිද්‍යාල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පවසයි.