සම්පායෝ රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (03) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝව ඊයේ (02) කුරුණෑගල “ශාන්ත ආනා විදුහල අසළ දී පස්වරු 3.35 ට පමණ අත්අඩංගුවට ගත්තේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ව අත්අඩංගුවට ගනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් බුද්ධි අංශ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව බවය.
