සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහොය අදයි
ලොවපුරා බොදු ජනතාව මහත් බැතියෙන් සමරන වෙසක් පුන් පොහෝ දිනය අදයි. බෝසත් චරිතයේ සිදුවූ වැදගත් සිදුවීම් තුන වන බෝසත් උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුදු පරිනිර්වාණය සිදුවූයේ වෙසක් පොහෝ දිනයි. ඊට අමතරව කිඹුල්වත් නුවරදී ශාක්‍යයන් ඉදිරියේ යමාමහ පෙළහර පෑම, ආනන්ද හිමියන් පිරිනිවන් පෑම. වැනි ශාසනික සිදුවීම් නිසාද වෙසක් පොහෝය වැදගත් වේ.
අදින් ඇරැඹෙන්නේ 2564 බුද්ධ වර්ෂයයි. උන්වහන්සේ තුන්වැනි වරට ශ්‍රී ලංකාවේ කැලණියට වැඩම කිරීම සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවට සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම, විජය කුමරු ඇතුළු පිරිස ලංකාද්වීපයට පැමිණීම, දෙවැනි පෑ තිස් රජු සමයේ රාජභිෂේක ක්‍රමය හඳුන්වා දීම සහා රුවන්වැලි සෑයටද මුල්ගල තැබීම මෙරට වශයෙන් වෙසක් පෝදා සිදුවූ වැදගත් සිදුවීම්ය.
