News

සරසවි ආචාර්ය සම්මේලනයෙන් එක් කෝටි විසිහය ලක්ෂයක වෛද්‍ය උපාංග

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා වෛද්‍ය උපාංග තොගයක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (28වැනිදා) පරිත්‍යාග කරන ලදී.

කොවිඩ් ආසාදිත රෝගීන් පරීක්ෂා කිරීමේ දී භාවිත කරන ආනයනික ආරක්ෂක කබා පන්දහසක් හා දැඩි සත්කාර ඒකකයන්ට අවශ්‍ය ඇඳන් 54ක් ද ඒ අතර වෙයි.

සාමාජිකයන් සෑම දෙනාම පාහේ මේ සඳහා දායක වූ බව සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පැවැසීය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම උපාංග තොගය මහාචාර්යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත පිරි නැමූ අවස්ථාවය.

සම්මේලනයේ උප සභාපති ආචාර්ය සමන් යාපා, භාණ්ඩාගාරික මහාචාර්ය භරණ ජයවර්ධන සහ හිටපු උප සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද මෙහි වෙති.

 

නිලන්ත මදුරාවල