News

සරසවි යන්න අයැදුම්පත් අනූදාහක්

නව අධ්‍යයන වර්ෂය (2019/2020) සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත්
අනූදහසකට අධික ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී
ඇත.

ඉදිරිපත් කළ අයැදුම්පත්වල යම් සංශෝධනයක් කරන්නේ නම් ඒ සඳහා ලබන
මස දෙවැනිදා (02 වැනිදා) දක්වා අයැදුම්කරුවන්ට කල් ලබා දෙන බව ප්‍රතිපාදන
කොමිෂන් සභාව සඳහන කරයි.

අයැදුම්පත් ඉදිරිපත් කළ ආකාරයෙන්ම එය සංශෝධනය කළ හැක්කේ ද මාර්ග
ගත ක්‍රමයෙන් පමණක් බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

නිලන්ත මදුරාවල