News

සරසවි සහ විදෙස් රැකියාවලට යන ලාංකිකයන් ලියාපදිංචිය හෙට සිට යළි

විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට සූදානමින් සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (20 වැනිදා) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

එහි ආරම්භක පියවර ලෙස දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල රැකියා සඳහා පිටත්ව යෑමට නියමිත පිරිස් ලියාපදිංචිය ඇරඹේ.

මැද පෙරදිග රටවලට සහ අනෙකුත් රටවල රැකියා සඳහා පිටත්ව යෑමට නියමිත පිරිස් ලියාපදිංචිය දෙවන අදියරේදී සිදුකරන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

එසේම විදේශ විශ්වවිද්‍යාල සඳහා ඇතුළත්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය අවශ්‍ය වන සිසුන් වෙනුවෙන් පාසල් විදුහල්පතිවරුන් හරහා ලබාගත යුතු අනුමැතීන් වෙනුවෙන් මැයි 20, 21 සහ 22 යන දිනවලදී විශේෂ සේවාවක් පවත්වන බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නයන තරංග ගමගේ