සරසවි සිසුවියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයා මාට්ටු
මෝටර් රථයකින් පැමිණ සරසවි සිසුවියක් පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
කැලණිය විශ්වවිද්‍යාලය අසල දී මෙම සිදුවීම සිදුව ඇත. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් පැහැරගැනීමට උත්සාහ දරා ඇති බව පොලීසිය පවසනවා.
එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් එක් පුද්ගලයෙකු අල්ලා පොලීසියට භාර දී ඇත. අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා වත්තල, හේකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (07) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
