සරසවි හා අධ්‍යාපන ආයතනවලට මත්ද්‍රව්‍ය බෙදූ යුවළක් කොටු
විශ්වවිද්‍යාලවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට මත් පෙති, හෙරොයින්, අයිස් හා කේරළ ගංජා බෙදා හැරි අඹුසැමි යුවළක් නුගේගොඩ කොට්ටාස දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ (7දා) මහරගම දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ලල්ලාවත්ත පාර ප්‍රදේශයේ පදිංචි යුවළකි.
සැකකාර යුවළ සතුව තිබී ඩාන්සින් මත් පෙති 33ක්, කැටමින් නමැති මත් පෙති 10ක්, අයිස් ග්‍රෑම් 20ක් හා කේරළ ගංජා ග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ. සැකකරු ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රවාහන අංශයේ ඉහළ නිලයක් දරන අයෙකි.
ඔහුගේ බිරිය පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වී විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන කාන්තාවකි.
හේමන්ත ලියනපතිරණ
