News

සල්ලි කොවිඩ් බෝකරයි

මුදල් පරිහරණයේදී කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිරයාමේ වැඩි අවධානමක් පවතින බවට මේ වන විට අනාවරණය කර ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ හේතුවෙන් මුදල් පරිහරණයේදී වැඩි සැලකිල්ලක් දක්වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙයි.

පොලිස් බල ප්‍රදේශ 18කට පමණක් ඇදිරිනීතිය ක්‍රියාත්මක වුවද කොවිඩ්-19 වසංගත තත්ත්වයේ අවදානම සියලු දිස්ත්‍රික්ක සදහා ද පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.