News

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක පමණ තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත් වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, සබරගමුව පළාත්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන සුළං පැ. කි. මී. (40-50) දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.