News

සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත් අයැදුම්පත් කඩිනමින් එවන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් සෑදීම සඳහා වන අයැදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා පළාත් කාර්යාලවලට කඩිනමින් යොමු කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

රටේ පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ ​සේවාව වෙනුවට හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක්ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කොට ඇත. ඒ අනුව විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, රියැදුරු බලපත් ලබාගැනීම, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම යනාදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලෙකම් කාර්යාල හරහා මේ වන විටත් ක්‍රියාත්මක වෙයි. ඉල්ලුම්කරුවන් තම අවශ්‍යතාව ග්‍රාම නිලධාරී මාර්ගයෙන් තහවුරු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කළ යුතුය.