සැමියාව ගලවගන්න බිරියව යහනට කැඳවූ SI මාට්ටු
ලිංගික අල්ලස් ලබා ගැනීමට තැත් කළ බියගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කොමිසම සදහන් කළේ කටුනායක ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව ඊයේ (26) රාත්‍රීයේදී කඩුවෙල පහල බෝමිරිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි.
පැමිණිලිකාරියගේ ස්වාමිපුරුෂයා සමග අත්අඩංගුවට ගන්නා ලද අයෙකු හට මහාධිකරණයේ නඩුවක් නොපවරා සිටීමට සහ සුළු දූෂණ වරදකට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමට අවශ්‍ය කටයුතු සලසාදීමට සහ පැමිණිලිකාරියගෙන් ලබා ගන්නා ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් ඇගෙන් ලිංගික අල්ල ලබා ගැනීමට තැත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබන අතර, විමර්ශන කටයුතු වලින් අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
