News

සැමියා සමග උරණව දූවරුන්ට වස පොවලා

පවුල් ආරවුලක් මත එය නොවිසඳුන තැන බිරිඳක් සිය දියනියන්ටද වස පානයට සලස්වා තමාද වස පානය කිරීමේ පුවතක් වාර්තා වේ.

අද දින (06) මෙලෙස ඇති වූ ආරවුල හමුවේ තම දියණියන් සිව් දෙනාට වස පොවා බිරිඳ ද වස පානය කර තිබේ. අනතුරුව රෝහල්ගත කිරිමෙන් පසු වැඩිමහල් දියණිය මියගිය බව උප්පුවේලි පොලිසිය සඳහන් කරනවා.

එම පවුල කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි අයවන අතර ස්වාමි පුරුෂයා ත්‍රිකුණාමලය ආනන්දපුරි පදිංචිකරුවෙකු බව පැවසේ. එමෙන්ම ඔහු උප්පුවේලි පොලිස් වසමට අයත් ආනන්දපුරි ප්‍රදේශයේ කොවිලක ආවතේවකරුවෙකු වශයෙන් සේවය කරමින් සිට ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

පුරුෂයා කෝවිලක් ඉදිකර කෝවිලේ ආගමික කටයුතු සදහා ආනන්දපුරි ප්‍රදේශයේ රැදිසිටිමට ස්වාමිපුරුෂයා ගත් තීරණය සම්බන්ධයෙන් උරණව ඇති අතර එහිදී ආරවුල දුර දිග ගොස් ඇතැයි ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙසේ මියගිස් ඇත්තේ එන්.විදුෂිකා නමැති දැරියක් වන අතර දැරියන්ගේ මව සහ අනෙත් දැරියන් තිදෙනා ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.