News

සිනමා හා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රවල කටයුතු නැවත අරඹන්න සෞඛ්‍ය මාර්ගෝපදේශයක්

කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් අකර්මන්‍ය වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයන්හි කටයුතු නැවත ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තයට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේෂ නිරූපණ, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.