නවතම ප්‍රවෘත්ති

සිරකාරියක් බන්ධනගාර බසය දෙවනත් කරයි

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියක් වෙනත් ස්ථානයකට මාරු කර යැවීමේදී බන්ධනාගාර බස් රථය බොරැල්ල මංසන්ධියට ආසන්නයේ නතර කල අවස්ථාවේ තමන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට විරෝධය පාමින් බස් රථය දෙවනත් කරමින් කෑ ගැසීය.

බස් රථයේ ජනේල වලට පහර දෙමින් මෙම රැඳවිය කෑගැසූ අතර මාධ්‍ය මගින් බන්ධනාගාරයේ සිදුවන අසාධාරණයන් ප්‍රචාරය කරන්නැයි අසල සිටි මාධ්‍යවේදින්ගෙන් කෑ මොර දෙමින් ඉල්ලා සිටියේය.

මෙම රැඳවිය රැගෙන යන මොහොත වන විට වැලිකඩ බන්ධනාගාරය තුල තවත් කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබුණි. මෙතෙක් එම විරෝධතාවට හේතුව වාර්තා වී නැත.

වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න.

වීඩියෝ දර්ශනය පහළින්