සීත කාමරවලින් එළියට ඇවිත් වැඩ කරනවා-ජොන්ස්ටන්
මංමාවත් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වන පරිදි ඉදිරි වසර පහ තුළ වැඩ කරන බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (13දා) සිය ධුරයේ වැඩ භාරගනිමින් කීවේය.
ඇමැතිවරයා කොළඹ අමාත්‍යාංශයේදී වැඩ භාරගැනීම සිදුනොකර කුරුණෑගල වජිරඥාන මාවතේ මාර්ගය කාපට් කිරීම ආරම්භ කරමින් සිය ධුරයේ රාජකාරී ඇරැඹීම විශේෂත්වයක් විය.
කුරුණෑගල – මීගමු පාර හරහා යන උමං මාර්ගයට මුල්ගල තැබීම, මලියදේව විද්‍යාලයේ පැසි පන්දු පිටිය නිරීක්ෂණය කිරීම හා මලියදේව විද්‍යාලයේ සඳුන් පැළයක් රෝපණය කිරීමද මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඊයේ සිදු කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේද කීය.
‘‘රටේ ජනතාව අපට මෙතරම් විශාල ඡන්දය ප්‍රමාණයක් දුන්නේ වැඩ කරන්නයි. දැන් අපට ඉන්නේ ප්‍රායෝගික ජනාධිපති කෙනෙක් වගේම ප්‍රායෝගික අගමැති කෙනෙක්. ඒ නිසා අපිත් ප්‍රායෝගිකව වැඩ කරන්න ඕනෑ. සීත කාමර වලින් එළියට ඇවිත් අපි වැඩ කරන්න ඕන. ඒ නිසා තමයි අද බොහොම ප්‍රායෝගිකව ජනතාව සමග පාරට ඇවිත් වැඩ ආරම්භ කළේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයක මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ අපි මේ අවුරුදු පහක කාලය ඇතුළත සපුරා ගැනීමට කටයුතු කරනවා. පසුගිය යහපාලන රජය කාලයේ මුලක් නැති අධිවේගී මාර්ගයක් පටන්ගෙන තිබුණා.
නමුත් මෙය හරියට කර ගැනීමට ඔවුන් අපොහොසත් වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල මීරිගම කොටස මාස හයෙන් සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය වසර තුන හමාරක කාලයකින් නිම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග හා ග්‍රාමීය මාර්ග දියුණු කිරීමට කටයුතු කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
අපට ඉතිහාසගත ජයක් මෙවර හිමි වුණේ. ඒත් මහින්ද මහත්තයට ඡන්දය අඩු වෙනවා කියලා විපක්ෂය කීවා. ඒත් ඡන්දය වැඩි වුණා. පුළුවන් තරම් ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි මඩ ප්‍රහාර එල්ල කළා. ලැම්බෝගිනි ගැන කීවා. රත්තරං අශ්වයෝ ගැන කීවා. සමහරු ඒ බොරු විශ්වාස කරලා ඒ බොරු කරේ තියන් ගියා.
දැන් ඇත්ත හැමෝටම වැටහිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපට මෙවර විශිෂ්ට ජයක් ජනතාව අත් කරලා දුන්නේ. සාමාන්‍යයෙන් මට ඕනෑ වුණේ මහින්ද මහත්තයාට වැඩිම මනාප අරන් දෙන්න. ඒ දේ මම කළා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ විනය ගරුක නායකයෙක්.
අද මේ උත්සවය අපි කළේ චාම්ව. නාස්තිය අවම කළා. රජයේ කිසිදු මුදලක් වියදම් කළේ නෑ. නාස්තිය අවම කරමින් වඩාත් ඵලදායී මට්ටමින් අපි ඉදිරියටත් වැඩ කරගෙන යනවා.’’

