සුදු නයාගේ මැණික් බඳුන සොයා පොළොව හෑරූ 5ක් මාට්ටු
සුදු නාගයකු රකිනා බව කියන මැණික් බඳුනක් සොයා කිරිල්ලවල ප්‍රදේශයේ කැණීම් කළ පුද්ගලයන් පස් දෙනකු කඩවත පොලිසිය විසින් පෙරේදා (18දා) අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස 28 හා 54 වියේ පසුවන කිරිල්ලවල දොම්පෙ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිවී තිබේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන්ද සිල්වා විසින් විමර්ශන සිදු කිරීමේදී හෙළිවී ඇත්තේ ගල්තලාවක යටින් මොවුන් එහි තිබෙන බව කියන මැණික් මුට්ටිය ගැනීමට කැණීම් සිදු කර ඇත.
අඳුන බලා මැණික් තිබෙන බව පැවසූ කපුවාද අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර සිටින බව පොලිසිය පවසයි.
හේමන්ත ලියනපතිරණ
