News

සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් 898ක් දක්වා ඉහළට

ඒ තවත් නාවික සාමාජිකයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යයි.

ඒ අනුව නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 898ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වන අතර, මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 9 දෙනෙක් පමණි.

සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.