සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ
ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසා සිටියහ.
ඉකුත් මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩIDHරෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වන දින නැවත නිවසට යවා ඇත.
ඉන් අනතුරුව නිවසේ දී නිරෝධනය වෙමින් සිට ඇති හදවත් රෝගියකු වු මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.
එහිදී එම රෝගියාට නැවතPCR පරීක්ෂණය සිදු කර ඇත.
එහිදී (02)දා අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩIDH රෝහලට ඇතුළත් කර ඇත.
ප්‍රසංග පාවුළුහේවා
