News

සෙනසුරාදා කොළඹට පැය 18 ක් වතුර නැහැ

ලබන සෙනසුරාදා දිනයේ කොළඹ අවට ප්‍රදේශ කිහිපයක පැය 18 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ සිදුකරන අත්‍යාවශය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඒ අනුව , 30 වන සෙනසුරාදා උදෑසන 9 සිට 31 වන ඉරිදා දින අලුයම 3 දක්වා පැය 18 ජල කප්පාදුවක් කොළඹ 02, 03, 07, , 08, 09, සහ 10 යන ප්‍රදේශවල සිදු වෙනු ඇත.

‍මීට අමතරව කොළඹ 1 යන ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.