සෞඛ්‍ය අමාත්‍යංශයේ එක පුටුවේ ඉඳගන්න 10ක් ලෑස්තියි
පුරප්පාඩු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අධ්‍යක්ෂවරු දස දෙනකු ඉදිරිපත් වී තිබේ. එම දස දෙනාගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගිය 24 වැනිදා දවස පුරා පැවැත්විණි.
අමල් හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් ගම්ලත්, ආනන්ද ජයලාල්, සුසී පෙරේරා, කුමාර වික්‍රමසිංහ, සමන් රත්නායක, ලාල් පනාපිටිය යන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරු මෙන්ම අසේල ගුණවර්ධන යන රෝහල් අධ්‍යක්ෂවරයාත් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්ව ඇත.
උදයජීව ඒකනායක
