News

සෞඛ්‍ය උපදෙස් පැහැරහැරියොත් හුදකලා කිරීම් දිගටම

සෞඛ්‍ය උපදෙස් හා සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කර ඇති ප්‍රදේශවල එම තත්වය දිගටම පවත්වා ගෙන යාමට සිදුවනු ඇති බව පැවසේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මෙම සති අන්තයේදී ද සියලු ජනතාව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් කටයුතු කළයුතු බවයි.

“හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගවලට අනුගතව කටයුතු කර තිබෙනවා. නමුත් සුළු පිරිසක් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු නියෝග යම් ආකාරයකට පැහැර හැරීමක් සිදුකර තිබෙනවා. එවැනි ආකාරයට සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් ඒ ප්‍රදේශ තවත් බොහෝ කාලයක් හුදකලා කර තැබීමට සිදුවෙනවා. “