සෞඛ්‍ය සේවකයින්ට දැනුම්දීමක්
කොවිඩ් වෛරසය ව්‍යාප්ති අවදානම පිළිබඳව සෞඛ්‍ය සේවකයින් ද නිසි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ගම්පොළ රෝහලේ වෛද්‍යවරයෙක් කොවිඩ් ආසදිතයකු ලෙස හඳුනාගැනීම පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කර තිබේ.
පසුගිය 06 වනදා ගම්පොළ ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරයෙකු ආසාදිත බව හඳුනා ගෙන තිබුන අතර එම වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරුවීමක් ලැබිම හේතුවෙන් පසුගිය 04 වනදා ගම්පොළ රෝහලේ කාර්යය මණ්ඩලය සඳහා සාදයක් පවත්වා තිබුන අතර එබැවින් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 65ක් නිරෝධායනට යොමුකර තිබුනා.
