හඳුනානොගත් නවතම රෝගයක්
හඳුනානොගත් රෝගයක් හේතුවෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති අතර එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රෝහල් ගත කළ රෝගීන් අතර ළමුන් ද සිටින බව සඳහන් වේ.
රෝගී වු බොහෝ පිරිසක් ඉක්මනින් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
