News

හබරාදූව ප්‍රාදේශීය සභාව වසා දැමෙයි

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සේවිකාවකගේ සැමියා කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමත් සමග හබරාදුව ප්‍රදේශය සභා කාර්යාලය අද 16 තාවකාලිකව වසාදමා ඇත. සේවකයන් දස දෙනෙකු නිරෝධායනයට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.

ඉමදූව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ සේවය කරන අතර එම අංශයේ සේවකයන් දසදෙනෙකු මෙලෙස නිරෝධායනයට යොමුකර තිබේ.