News

හයවන ජාත්‍යන්තර ආර්ථිකවිද්‍යා පර්යේෂණ සම්මන්තත්‍රණය සාර්ථකව අවසන් වේ

හයවන ජාත්‍යන්තර ආර්ථිකවිද්‍යා පර්යේෂණ සම්මන්තත්‍රණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමජියවිද්‍යා පස්චාත් උපාධි ආයතන පරිශ්‍රයේ දී පසුගියදා පවත්වන ලදී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන අංශය හා ඉන්දියාවේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන ලද මෙම සම්මන්තත්‍රණයේ ප්‍රධානත්වය රුමේනියායේ ට්‍රන්සිල්වෙනියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා ව්‍යාපාර කළමනාකරණ පිඨයේ මහාචාර්ය නිකොලේයි මරිනේස්කු මහතා, ඉන්දියාවේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සන්තෝෂ් සි.පන්ඩ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා දරන ලදී.

මේ සඳහා සහභාගි වූ රූමෙනියායේ ට්‍රන්සිල්වෙනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හා සංවර්ධන ආයත්‍නයේ සාමානයාධිකාරී මොනිකා රිලෙනියු මහත්මිය ආරාධිත දේශනය සිදු කල අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඔ.ජි දයාරත්න බන්ඩා මහතා
සහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා අධ්‍යයනංශයේ අංශාධිපති එස්. විජේසන්දිරන් මහතාද මේ සඳහා සහභාගී විය.

මෙම සමුළුවේ සභාපතිත්වය මහාචාර්ය අනෝමා අබයරත්න මහත්මිය විසින් හොබවනු ලැබිය.