News

හරක් මස් කඩේ ලක්ෂ 85කට අලෙවි වෙයි

බලන්ගොඩ නගරයේ ගවමස් කඩය 2021 වර්ෂය සදහා රුපියල් 85,99,900ක මුදලකට අද දින (27) බලන්ගොඩ නගරසභාවේ දි වෙන්දේසි වී තිබේ.

බළන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණි විමලසේන මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කරනවා.

මේ සඳහා ටෙන්ඩර්කරුවන් 12 දෙනෙකු විසින් බලන්ගොඩ නගරයේ පොදු වෙළෙදසලේ ගවමස් කඩය සදහා ටෙන්ඩර් ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුන බවද වාර්තාවේ.

අනතුරුව අද දින වැඩිම ගැනුම්කරුගේ ටෙන්ඩර් ඉල්ලුම්පත අනුව ගවමස් කඩය රුපියල් 85,99,900 ක මුදලකට ඇහැළියගොඩ ප්‍රදේශයේ ව්‍යපාරිකයකු 2021 වර්ෂය සඳහා මිලදී ගෙන ඇත.

එය 2020 වර්ෂය සදහා ලක්ෂ 19 කට ආසන්න මුදලක ටෙන්ඩරයකට අලෙවි වී ඇත.