හලාවත පොදු මාළු වෙළදපළෙත් කොරෝනා ආසාදිතයින්
හලාවත පොදු මාළු වෙළදපොළ සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (21) සිට සතියක කාලයක් එම මාළු වෙළදපළ වසා දැමෙනු ඇත.
හලාවත පොදු මාළු වෙළදපළේ සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව මෙලෙස වෙළදපළ වසා දැමීමට තීරණය කළේ බව එහි ලේකම් කේ.පී. චන්දන කුමාර මහතා සදහන් කරයි.
පසුගිය 17 වැනි දින අහමු ලෙසින් පී.සී.ආර්. පරීක්ෂණ 50දෙනෙකුට සිදුකර ඇති අතර, ඉන් මෙම ආසාදිතයින් හදුනාගෙන ඇත.
