News

හැංඟිලා හිටිය කෝවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් අල්ලා ගනී

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙක් පස්සරට හා ලුණුගලට පැමිණ සැඟවී සිටියදී පසුගියදා 27දා සොයාගත් බව පොලිසිය පවසයි.

පස්සර ආසාදිතයාගේ ආශ්‍රිතයන් බවට හඳුනාගත් පවුලේ සාමාජිකයන් ඇතුළු 40 දෙනෙක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්කර ඊයේ (28 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම ආසාදිතයාගේ පුත්‍රයකු රැකියාව කරන පස්සර නගරයේ බේකරියක් තාවකාලිකව වසා දැමීමටත් එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් කටයුතු කර තිබේ.

ලුණුගල ආසාදිතයා හමු වී ඇත්තේ ලුණුගල සෝලන්ඩ්ස් වත්තෙනි.

ඒ.එම්. කටුබුල්ල – ඇල්ල