නවතම ප්‍රවෘත්ති

හැටන් කොළඹ ගමනාගමනය නැවත බාධා

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට අද (17දා ) උදැසන ශැනොන් වත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා ඇතිවී තිබේ.

පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර දහවල් 12 පමණ වන විට මාර්ගයේ ගමනාගමන කටයුතු බාධාවකින් තොරව සිදු කළ හැකි බව හැටන් පොලිසිය පැවසිය.

මිට දින දෙදිනකට පෙර වටවල ප්‍රදේශයේදී ද හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටී සම්පුර්ණයෙන්ම ගමනාගමන කටයුතු ඇනහිටී අතර ඊයේ (16) දා වන විට එම පස් කන්ද ඉවත් කර ගමනාගමනයට පහසුකම් සලසා තිබියදී අද මෙලෙස තවත් පස් කන්දක් කඩා වැටි ඇත.