නවතම ප්‍රවෘත්ති

හැටන් කොළඹ මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

අද සවස 3ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට තිබෙන හෙයින් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන ගිනිගත්හේන ,දියගල, නෝටන්බ්‍රිජ් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන්නැයි වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මේ වන විට මාර්ගයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද වටවල පොලිසිය පැවසිය