හැත්තෑ පන්දහසක් ස්වයං නිරෝධායනයේ
නිරෝධායන කටයුතු ආරම්භ වූදා සිට මේ දක්වා පුද්ගලයන් හැත්තෑපන්දහස් දෙසිය දාහත්දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවැසීය.
එම පිරිස අතුරින් පනස්තුන්දහස් තුන්සිය තිස්අටදෙනකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට ඇති අතර තවත් විසිපන්දහස් අටසිය හැත්තෑ නවදෙනකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
හේමන්ත ලියනපතිරණ
