News

හික්ෂුන් වහන්සේලා උද්ඝෝෂණයේ – සියලු කොවිඩ් මරණ ආදාහනය කරන ලෙස ඉල්ලයි

 

 

කොවිඩ් වසංගතය හේතුවෙන් මරණයට පත්වන සියලු මරණ ආදාහනය කරන ලෙසට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයේ නිරතව තිබේ.

අද (28) රජයට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය සිදුකර ඇත.

එහිදී අන්තවාදයට ඉඩ නොදෙන ලෙසත් ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙස උන්වහසේලා රජයට බලකර තිබේ.