News

හිටපු ජනපති පළමු වරට දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමට

 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (19) පළමු වරට දේශපාලන පළිගැනීම් පිලිබද විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණියා.

ඒ, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.

එමෙන්ම වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ඇතුලු පිරිස දේශපාලන පලිගැනීම් පිළිබද කොමිසම මඟ හැරි පුද්ගලයින් බවට එම කොමිසමේ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

ඒ ඔවුන් අද (19) දිනයේ කොමිසම හමුවේ පෙනී නොසිටීම නිසාවෙන්.