News

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යහපාලන රජය සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මතයි.

ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා ඊයේ (14) රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු ද වේ.