News

හිටපු පා.මන්ත්‍රී මොහොමඩ් මහරූෆ් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

සැකපිට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ් ඇතුළු දෙදෙනෙකු හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහිදී ලබාදුන් නියෝගයකට අනුවයි.

පසුගිය රජය සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් ඇතුළු දෙදෙනෙකු ‌මෙලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබේ.

මෙම නඩුව අද ස්කයිප් තාක්ෂණය ඔස්සේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචන නෙරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැදවනු ලැබීය.