නවතම ප්‍රවෘත්ති

හිනිදුම කළුගලකන්ද රක්ෂිතයේ ගින්නක්

හිනිදුම ඇලඉහළ, කුඹුරේගොඩ කළුගලකන්ද රක්ෂිතයේ ඇති වූ
ගින්නකින් අක්කර පනහකට ආසන්න භුමි ප්‍රමාණයක් විනාශ වී
ඇති බව හිනිදුම පොලිසිය පවසයි.
ඊයේ (30) රාත්‍රි 10.00ට පමණ ඇතිවී අද (31) අළුයම දක්වා පැවතුන
ගින්න හිනිදුම පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක්
දරා මැඩපවත්වා තිබේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර හිනිදුම
පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.