හෙට දහවල් 12.11ට ප්‍රදේශ තුනකට ඉතා ආසන්නව හිරුමුදුන්වෙයි
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හෙට (28) දහවල් 12.11ට කරම්පන්, කොකුවිල් සහ සරසාලෙයි ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරුමුදුන්ව පැවතිය හැකි බවයි.
එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවැතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
