මොරටුව ප්‍රධාන ජලපොම්පාගාරයේ නළ මාර්ගයක සිදුකරන අත්‍යවශ්‍ය පිළිසකර කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව පැවසේ.
මේ අනුව හෙට (17) රාත්‍රී 8.00 සිට පැය 12ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ සඳහන් කරයි.