News

හෙට සිට යලිත් පාසල් ආරම්භ කරයි

හෙට දින (02) සිට රජයේ සියලු පාසල් වල 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙන බවයි.

නමුත් ප්‍රාථමික අංශයේ (1-5 සිසුන්ට ) සිසුන්ට පාසල් නැවත ආරම්භ කරන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින බව ද, එම අමාත්‍යංශය නිවේදනය කරයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග ලබා දුන් අතුරු නිවාඩුව අවසන් කරමින් පසුගිය අගෝස්තු 10 වන දා සිට සියලු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරුණි.