හෙද පුහුණුවට තුන්දහසක් ගන්න තීරණයක්
සිසු හෙද පුහුණුව සඳහා තුන්දහසක ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙවර බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීමට පෙර ඔන්ලයින් ක්‍රමයට අයැදුම්පත් කැඳවූ අතර ලැබුණු අයැදුම්පත් සංඛ්‍යාව 6500කට අධික වෙයි.
ලැබුණු අයැදුම්පත්වලට අනුව දිස්ත්‍රික් මට්ටමින් පවත්වන සම්මුඛ පරීක්ෂණ ලබන 28 වැනිදා කුරුණෑගලින් ආරම්භ කිරීමට නියමිතය.
සම්මුඛ පරීක්ෂණ මාසයක පමණ කාලයකදී අවසන් කර බඳවා ගැනීම් සිදු කිරීමට අමාත්‍යාංශය සූදානම් වෙයි. මෙරට පිහිටි හෙද විද්‍යාල සංඛ්‍යාව දහසයකි.
දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් තිස්පන් දහසකට අධික සංඛ්‍යාවක් සේවය කරති.
පවතින පුරප්පාඩු පිරවීම සඳහා තවත් හෙද හෙදියන් දස දහසක් පමණ බඳවාගත යුතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
උදයජීව ඒකනායක
