News

හෙරොයින්

හෙරොයින් කිලෝවක් සමග සැකකරුවෙක් දෙමටගොඩදී අත්අඩංගුවට

දෙමටගොඩ, ආරණ්‍ය පාරේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 23 ක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත දෙමටගොඩ පොලිස් ‍වසමේ දෙමටගොඩ ආරම පාරට හැරෙන හන්දි‍ය අසල දී ඊයේ (05) දහවල් 11.45 ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අදාළ සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.