හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
හෙරොයින් මත්කුඩු ග්රෑම් 18.01 ක් සන්තතයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අද (24) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
තිස්තුන් හැවිරිදි දෙදරු පියෙකුට මෙසේ දඬුවම් නියම වී ඇත.
2013 වසරේ ඔක්තෝබර් මස 30 වනදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී ග්රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්රදේශයේදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව
විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කර ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.
