හේමසිරි කිව්වේ බොරු – මෛත්‍රි
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් දැක්වූ කරුණු බව කියමින් මාධ්‍ය මගින් ප්‍රකාශ වූ කාරණා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන හෙතෙම මාධ්‍ය මගින් ප්‍රකාශ වූ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා ද්වේෂ සහගත යැයිද සඳහන් කර ඇත. එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය ආයතන මගින් විශාල ප්‍රචාරනයක් ලබා දී තිබිණි. මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වූ එම කරුණු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහජනතාව වෙත මෙයින් දන්වා සිටිමි. යම් ලෙසක ඉදිරි දිනකදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට කොමිසම හමුවට පැමිණීමට අවස්ථාවක් ලැබුණහොත් අදාළ සියලු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය වූ කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.
