News

හොරෙන් ඡන්දේ දැමූ ලංකාපුර ප්‍රා. සභාපති පුනානි වෙත

නිරෝධායන නිතී අනුව නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටි ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු හොරෙන් ගොස් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වර්තාවේ.

ඊයේ(05)පස්වරුවේ මොවුන් ඡන්දය දමා පැමිණ නිවසට වි සිටියදී පොලිසියට ලැබුණ තොරතුරක් මත පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු  සභාපතිවරයාගෙන් විමසා සිටියදී ඡන්දය දැමිමට තමන් සහ තම බිරිද ගිය බව පිළිගෙන තිබේ.

ඒ අනුව සභාපතිවරයා සහ දරුවන් දෙදෙනා නිරෝධායනය කිරිම සදහා පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.