News

හොර ගිනි අවි 479 සොයාගෙන

 

 

පසුගිය වසරේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කළ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ගිනි අවි 479ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙයින් වැඩිම ප්‍රමාණයක් මෙරට නිෂ්පාදිත ගිනි අවි වන අතර එහි ගණන දෙසිය පනස් අටකි.

ෂොට්ගන් වර්ගයේ ගිනි අවි 126ක් පිස්තෝල 15, ටී පනස් හය වර්ගයේ ගිනි අවි 33ක්ද වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

වැටලීම් 477 කදී මෙම සියලු අවි පොලිස් භාරයට ගෙන ඇති අතර එහි දී සැකකරුවන් තුන්සිය පස් දෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.

හේමන්ත ලියනපතිරණ