නවතම ප්‍රවෘත්ති

හොර බලපත්‍ර අච්චු ගැසූ තරුණයකු අත්අඩංගුවට

භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් පස් සහ වැලි ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර  නීතිවිරෝධී  ලෙස සකස් කළ වේයන්ගොඩ , කලගෙඩිහේන ප්‍රදේශයේ  පිහිටි ස්ථානයක් ඊයේ (15දා) වැටලූ විශේෂ කාර්ය බලකාය ව්‍යාජ බලපත්‍ර සකස් කිරීමට යොදා ගන්නා ලද  තාක්ෂණික උපකරණ සමග බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි  සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත .

සැකකරු සමග පරිගණක දෙකක්, ව්‍යාජ් බලපත්‍ර 63ක්, ව්‍යාජ රබර් මුද්‍රා 49ක්, රබර් මුද්‍රා සකස් කිරීමට යොදා ගන්න යන්ත්‍රයක් සහ තවත් උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සහ උපකරණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයට භාර දීමෙන් අනතුරුව අද (16) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.