News

හෝටල් සහ අවන්හල් විවෘත කරන්න අවසර දී නැහැ

ඇඳිරි නීතිය ලිහිල් වුවද හෝටල් සහ ආපන ශාලා විවෘත කිරිමට තවමත් අවසර ලබා දී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත පමණක් ආහාර සපයන ආයතන විවෘත කළ හැකි බවයි.

කෙසේවෙතත් කොළඹ මහ නගර සභාවට අයත් සංචාර මණ්ඩලයේ අනුමැතිය ඇති හෝටල් සහ අවන්හල් හෙට විවෘත කිරිමට කොළඹ මහ නගර සභාව අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි.