ෆේස්බුක් ගිණුම් අක්‍රිය කෙරෙන ව්‍යාජ පණිවුඩයක්
ෆේස්බුක් ගිණුම් අක්‍රිය කෙරෙන ව්‍යාජ පණිවිඩයක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු හඟවයි.
මෙලෙස ගිණුම් අක්‍රිය වූ ෆේස්බුක් පරිශීලකයන් රැසකගෙන් තමන්ට පැමිණිලි ලැබී ඇතැයි එම සංසදය පවසයි.
ඔවුන් සඳහන් කරන ආකාරයට අදාළ ව්‍යාජ පණිවුඩය ක්‍රියාත්මක වන්නේ මෙසේය. ‘‘ඔබේ ෆේස්බුක් ගිණුමට යහළුවකුගේ ගිණුමකින් පණිවිඩයක් ලැබේ. මෙම පණිවිඩයේ ලින්ක් එකක් (phishing link) අන්තර්ගත වේ.
මෙය විවෘත කළ විට (click) ව්‍යාජ ෆේස්බුක් පිටුවකට ඔබව යොමු කෙරේ. එහිදී ඔබ නැවත ඔබගේ පෞද්ගලික මුර පදය (use password) ඇතුළත් කළ විට එම දත්ත පරිගණක අපරාධකරු විසින් ලබාගනී.
මෙහි ප්‍රතිඵලය ගත් කල ඔබගේ ෆේස්බුක් ගිණුමට පිවිසීමට නොහැකි වේ.
ඉන්පසු අපරාධකරුවන් විසින් ඉහත ආකාරයට ඔබගේ ෆේස්බුක් ගිණුමේ සිටින මිතුරන්ටද මෙවැනි පණිවිඩ (ඔබ යොමු කරන ආකාරයෙන්) යොමු කරමින් අපරාධය තවදුරටත් කරගෙන යයි.’’
එම නිසා මිතුරන් හෝ නාඳුනන පුද්ගලයන්ගෙන් ලැබෙන පණිවිඩවල ඇති ලින්ක් විවෘත කිරීමෙන් වළකින ලෙසත්, ඔබගේ මුරපදය ඇතුළත් කරන අවස්ථාවේ පරිශීලකයා රැඳී සිටින්නේ නිවැරදි ෆේස්බුක් ගිණුමේදැයි සැලකිලිමත් වන ලෙසත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
නයන තරංග ගමගේ
