Top Story

05 වෙනිදා කොළඹ වැටලීමේ සැලසුම අගහරුවාදා

ඒකාබද්ධ විපක්ෂය 05දා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවැත්විමට නියමිත ජනපෙරළිය උද්ඝෝෂණය පවත්වන ස්ථානය හා ඊට සහභාගිවන ජනතාව ආපසු යන්නේද නැද්ද ආදි කරුණු පිළිබ‘දව ලබන අගහරුවාදා තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ‘අරුණ’ට පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන එකාබද්ධ විපක්ෂයේ  පක්ෂ නායක රැස්වීමේදී මේ තීරණය ගැනීමට නියමිතය.

උද්ඝෝෂකයන් ප්‍රධාන මාර්ග පහකින් කොළඹට ඇතුඵවී ස්ථාන පහක අඛණ්ඩ විරෝධතාවක්  පැවැත්විය යුතු බවට හා අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුව,  කොටුව දුම්රිය පොළ හා ලිප්ටන් වටරවුම ආදි ස්ථාන ඒ සදහා යොදා ගතයුතු බවට මුලින් යෝජනා වී තිබිණි.